ආඝාතයෙන් පෙළෙන රෝගීන් ලක්‍ෂදෙකක්
- 2019-02-22 12:02:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝ නොවන රෝග අතරින් ලොවපුරා මරණවලට තෙවැනි හේතුව වන ආඝාතයෙන් (බ්‍රේන් ඇටෑක්)පෙළෙන රෝගීන් ලක්‍ෂදෙකකට අධික පිරිසක් ශ්‍රීලංකාව තුළ සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ආබාධිතභාවය ඇතිවීම සඳහා ලෝකයේ ප්‍රමුඛතම හේතුව වන ආඝාත තත්ත්වයට සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිත කාලය තුළ මුහුණ දෙන බව එම කාර්යාංශය පෙන්වා දෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී බ්‍රේන් ඇටෑක්‘ ලෙස හඳුන්වන ආඝාතය මොළයට රුධිරය සැපයෙන රුධිර සැපයුම අඩාළ වීමෙන් හටගන්නාබවදසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දත්ත සලකා බලනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දහසකට 09 දෙනෙකු ආඝාත රෝගීන් වන බවද එම කාර්යාංශය ප්‍රකාශ කරයි.
ආඝාත තත්ත්වය අවම කර ගැනීම සඳහාත්, අඝාත රෝගීන් නිසි ප්‍රතිකාර වෙත යොමුකිරීම සඳහාත්, මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද එම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments