ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න - ජනපති
- 2019-12-02 14:27:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හිදී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළිම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛ උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත.
මෙම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකීරීමට ද කටයුතු සලසා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments