ආපදා තත්ත්වයෙන් පාසල් දරුවන් සුරක්ෂිත කිරීමට පාසල් සුරක්ෂිතතා වැඩසටහනක්
- 2018-05-21 17:22:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හදිසි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දිගු කාලීනව පාසල් දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත්, පාසල ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමටත් පාසල් සුරක්ෂිතතා වැඩසටහනක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ කටයුතු කරමින් සිටියි.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එහි පළමු පියවර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගංවතුර හා නාය යාම් අවදානම පවතින අවස්ථාවලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය සඳහන් උපදෙස් පත්‍රිකාවක් දිවයින පුරා සියලුම විදුහල්පතිවරුන්ට යොමුකර ඇති අතර, ඒ සම්බන්ධව පාසල් දරුවන්, ගුරුවරුන් හා මාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අනපේක්ෂිතව සිදුවන ආපදා තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් පීඩාවට පත්වීමත් ඔවුන්ගේ පොත්පත් ඇතුළු වටිනා ලියකියවිලි විනාශවී යාම මෙන්ම, පාසල් සහ පාසල්වල පවතින වටිනා උපකරණ හා ලේඛන විනාශවී යාමේ අවදානමක් පසුගිය වසර කිහිපය පුරාම දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් මෙම ක්‍රියාදාමය අනුගමනය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments