ආර්ථික කටයුතු සඳහා යොදා ගත නොහැකි රජයේ ඉඩම් වන වගාවට
- 2019-06-19 09:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ ආයතන සතු එලදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදා ගත නොහැකි ඉඩම් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අතුරින් මේ වන විට ආර්ථික භෝග වගාවලින් තොර හා වන ගහනය 65%ක් ඉක්මවා ඇති සියලුම ඉඩම් හා ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම්වලින් දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග ආරම්භ කර ඇති මිශ්‍රවන වගා වැඩසටහනේ ප්‍රගතිය අනුව හඳුනාගත් ඉඩම්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලබන වන ආවරණ ඉහළ දැමීමේ කඩිනම් වැඩසටහනයට මේ අනුව යෙදා ගැනීමට නියමිතය.
ඒ අනුව එම ඉඩම් පවරාගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් පමණ වන අතර එය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කර ගැනීමට රජය ඉලක්ක කර තිබේ. ඒ සඳහා තවත් හෙක්ටයාර් 148000ක් පමණ භූමි ප්‍රමාණයක වන වගවා ව්‍යාප්ත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණවත් නොවන අතර වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මෙම වැඩසටහනයට යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments