ආසියා පැසිෆික් ආදි බාලදක්ෂ - බාලදක්ෂිකා සුහද හමුව කොළඹදී
- 2018-09-06 12:14:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර බාලදක්ෂ හා බාලදක්ෂිකා එකමුතුවේ 15 වැනි ආසියා පැසිෆික් කලාපීය සුහද හමුව 05 දා සිට අනිද්දා (07දා)දක්වා කොළඹ 06, ග්ලෝබල් ටවර්ස් හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්වේ.
අද රාත්‍රී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට, විශේෂ ආරාධිතයන් වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ආදි රැජින බාලදක්ෂ ප්‍රසාද් කාරියවසම් මහතා සහ ආසියා - පැසිපික් ආදි බාලදක්ෂ - බාලදක්ෂිකා එකමුතුවේ සභාපති සතීෂ් කන්නා මහතා ඇතුළුව මෙම සමුළුවට ලියාපදිංචි වූ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන ආදි බාලදක්ෂ බාලදක්ෂිකාවන් 100කට අධික පිරිසක් මෙයට සහභාගිවීමට නියමිතය.
හෙට (06දා) පෙරවරු 9.00ට ඇරඹෙන මෙම හමුවේ නිල සමාරම්භක උළෙලට ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනි ආදි බාලදක්ෂිකා අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියද, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආදි ජනාධිපති බාලදක්ෂ කපිල පෙරේරා මහතාද සහභාගි වෙති.
හෙට පස්වරුවේ ග්ලෝබල් ටවර්ස් ඉහළම මාලයේ පැවැත්වෙන සංස්කෘතික සැඳෑව හා බාලදක්ෂ සමරු වෙළෙඳ සල්පිල ආදි බාලදක්ෂ හා බාලදක්ෂිකා සැමට පොදුවේ විවෘත වන අතර, ඒ සඳහා නොමිලේ සහභාගි විය හැකිය. අනිද්දා (07දා) සමාප්ත සැසිය හා එදින රාත්‍රි‘යේ ආරාධිතයන්ට පමණක් සීමා වූ ගිනිමැල සංදර්ශනයක්ද පැවැත්වෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments