Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සියයට සියයක්ම සෑහීමකට පත්විය නොහැකි බැවින් සියලුම ආහාර නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව තහවුරු කරන වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ජුනි 07 වැනිදාට යෙදී තිබුණු අතර ඊට සමගාමීව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත්, මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බවත් එම සංගමයේ සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ආහාර නිපදවීමේදී පරිහරණය කිරීමේදී හා ගබඩා කිරීමේදී මෙන්ම ආහාර පිරිනැමීමේදීත් ආහාර මගින් රෝග ඇති කරන නිසා එය වළක්වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද පවසා සිටියේය.

දූෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් එක් වසරකට ලෝකය පුරා හාර ලක්ෂ විසිදහසක් පමණ මරණය පත්වන බවට සොයාගෙන තිබෙන බවත්, මිලියන හයසියයකට ආසන්න ප්‍රමාණයක් රෝගීන් වන බවට තහවුරු වී තිබෙන බවත්ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව පුද්ගලයන් දසදෙනෙකුගෙන් එක් අයෙකු දූෂිත ආහාර හේතුවෙන් රෝගීන් වන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පර්යේෂණ අංශය මගින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.(WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.