ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ
- 2019-04-02 11:52:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
වෙළෙදසැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම පිළිබදව දැනුවත් කිරීම, 2018 වසරේ ආහාර සතිය මූලික කර ගනිමින් සිදු කළ අතර, 2019 වසරේ මූලික අරමුණ වන්නේ මෙවර තේමාවට අදාළව පාරිභෝගිකයින් සවිබල ගැන්වීමයි.
සුරක්ෂිතව පිළිනොගන්වන ආහාර පිළිගැනීම ප්‍රතික්ෂේප කර එම ආයතන පිළිබඳව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙයි.
සුරක්ෂිතව ආහාර නොපිළිගන්වන, ආහාර පරිහරණය කරන ආයතනවලට එරෙහිව ආහාර පනත සහ එහි රෙගුලාසිවලට අනුකූලව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර ඇත.
ආහාර පරිහරණය කරන ආයතනවල සේවය කරන්නන් සඳහා පැය 04 ක පුහුණුවක් ලබා දී ඔවුන් සඳහා සහතික පත්‍රයක් නිකුත් කිරීම ද මෙම සතිය තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම කාලය තුල දී රාජ්‍ය ආයතනවල ආපනශාලා, දුර ගමන් සේවා බස් රථ නැවතුම් ආපනශාලා ද පරික්ෂා කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments