Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති මුදිත විදානපතිරණ මහතා 'අද'ට පැවසීය. 

මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1923 හා 1929 යන දුරකථන අංක අමතා එම තොරතුරු ලබා දෙන ලෙසද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

" ළමා  හිංසනය කරන්නේ බොහෝ වෙලාවට අපි දන්න හඳුනන අය. භාරකරුවන්, නෑදෑයින් වැනි අය. ඇඳිරිනීතිය දාපු නිසා අපයෝජකයන් හා වින්දිතයන් ඉන්නේ එකම ගෘහයක් තුළ. 33%කින් ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වැඩිවෙලා තියෙනවා.

ඇඳිරිනීතිය දාන්න පෙර තිබුණේ 10%ක් විතර. මහජනතාව සහා දෙමව්පියන් දැනුවත් කළ යුතුයි මේ ගැන. දෙමව්පියන් කියන්නේ මේ සමාජයේ විශේෂිත අය. ඒ වගේම දරුවෝ කියන්නේ අපි රැක බලා ගත යුතු පිරිසක්. තමන්ගේ දරුවෝ ගැන වගේම අවට දරුවෝ ගැනත් අපි මේ වෙලාවේ අවධානයෙන් ඉන්න ඕන. ළමයා යනු ළමයෙක් මිස කුඩා වැඩිහිටියෙක් නෙමෙයි . ඒ බව අපි මතක තබා ගත යුතුයි. 

ඔබ දන්න එවැනි සිදුවීම් අපිට කතා කරලා කියන්න. 1923 හා 1929 කියන අංකවලට. අපි අදාළ පොලිසියට හා ළමා ආරක්ෂක නිළධාරීන්ට දන්වලා ඒ අයව අත්තඩංගුවට ගන්න කටයුතු කරනවා. ළමයා කවරාකාර හෝ කායික, මානසික අපයෝජනට, හිංසනයට ලක්කිරීම වරදක්." යැයි ද කියා සිටියේය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.