ඇමෙරිකාවේ ෂර්මන් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට
- 2019-05-12 15:54:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙම නෞකාව ලබා ගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
පසුගිය වසරේ අගෝස්තු 27 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි. එහිදී ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම නෞකාව මිටර් 115 ක දිගින් යුතු යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments