ඉංජිනේරු කුලසිංහ ක්‍රියාකාරකම් සහිත උද්‍යානය විවෘත කෙරේ
- 2019-11-05 14:21:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා නිම කරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානය ජනාධිපති අතින් ඊයේ (04) පෙරවරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ මෙම උද්‍යානය ස්ථාපනය කර තිබේ.
සමරු ඵලකය නිරාවරණය කර උද්‍යානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙරට මෙන්ම රටින් බැහැරව ද සිය තාක්ෂණික දැනුම ඔස්සේ බොහෝ විශිෂ්ටතා පෑ කෘතහස්ත ඉංජිනේරුවෙකු වන ඒ.එන්.එස්. කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම සභාපතිවරයා ද වෙයි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments