ඉටුකම ගිණුමෙ ශේෂය රු මි 1136
- 2020-05-21 17:48:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.
Canowin Hotel @ SPAS (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.
Mascons (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක්, Built Element Ltd ආයතනය රුපියල් මිලියන තුනක්, සිරිල් සමරජීව මහතා රුපියල් 250,000 ක්, Exim House Distributors (Pvt) Ltd රුපියල් 250,000ක්, Exim House (Pvt) Ltd රුපියල් 250,000ක් ටවර් හෝල් රඟහල පදනමේ කාර්ය මණ්ඩලය රුපියල් 90,637.69ක් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය රුපියල් මිලියන තුනක් සහ ජේ.පී. දයානන්ද ද සිල්වා මහතා රුපියල් 100,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 කි.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.
දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.
Reply To:
Name - Reply Comment
0 Comments