Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

ඉදිරියේදී ආදිවාසී දින සැමරුම් නොපැවැත්වීමට තමන් තීරණය කළ බවත්, ඒ සඳහා වැයවන මුදල් එම ගම්මාන සංවර්ධනය කිරීමට යොදවන බවත්විශ්වකිර්ති, වනස්පති වන්නිලා ඇත්තො පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ, ලෝක ආදිවාසී දින සැමරුමේ රාජ්‍ය උත්සවය අමතමිනි. දඹාන, කොටබකිනිය ගම්මානයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා,

&වරිග සභා 13ක් පවත්වා ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳසන්දේශ අපි රජයට බාරදීලා තියෙනවා. ඒත් ආදිවාසී ගම්මාන රැසක ගැටලුතාමත් විසඳිලා නැහැ. මින් පස්සේ  ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා. වසර 06ක් යන කොට ආදිවාසී ගම්මාන 06ක ප්‍රධාන ගැටලු විසඳිලා. පරම්පරාව, සංස්කෘතිය ආරක්‍ෂා කර ගන්න ඕනනම් මේ අයගේ බඩගින්න නැති කරන්න ඕන. ඔවුන්ගේ ආර්ථිකය දියුණු කරන්න ඕන. මේ සඳහා රජය විසින් වැඩි දායකත්වය දෙනවා නම් ඒක වඩාත් වැදගත්*යැයි පැවසීය.

ආදිවාසී ජනගහනයේ  අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 09 වැනිදා ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ.

ඊට සමගාමීව  ශ්‍රී ලංකාවේ ආදිවාසීදින සැමරුම මධ්‍යම සංස්කෘතික අරමුදලේ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් %සංක්‍රමණ හා සංචලනය^ යන තේමාවට අනුව ආදිවාසී නායක, විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් සේදවත්ත පුරාණ විහාරාධිපති, අග්‍රාමාත්‍යවරයාගේ බෞද්ධ කටයුතු උපදේශක හා මධ්‍යම සංස්කෘතික කටයුතු අරමුදලේ  බෞද්ධ හා කලා කටයුතු  උපදේශක අබන්වල ඥානාලෝක හිමියන්ගේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ සහබදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දඹාන, රතුගල, නිල්ගල, පොල්ලේබැද්ද, හේනානිගල සහ වාකරේ යන ආදිවාසී ගම්මාන හයක ප්‍රජාවගේ සහභාගිත්වයෙන් කොටබකිනිය ගම්මානයේ මොරබැද්දේදී රාජ්‍ය උත්සවය පැවැත්විණි.

ඒ නිමිත්තෙන් ඔවුන්ට ආවේණික වරිග සභාව ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්  දඹාන, මොරබැද්ද ප්‍රදේශයේදී රැස්වූ අතර, එහිදී ඔවුන්ට ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් රට පුරා විසිරී සිටින ආදිවාසී ගම්මාන නායකයන් හා ප්‍රධාන ආදිවාසී නායක දඹාන වන්නිලාඇත්තන් දැනුවත් කිරීම සිදු කෙරිණි.

එම ගැටලු සහිත සන්දේශය රජයේ අවධානය සඳහා යොමු කිරීමද එහිදී සිදු විය.

අදිවාසී සංස්කෘතික ප්‍රදර්ශනය, සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම, දඹාන පාරම්පරික වෙද පියසට ඖෂධ ඇඹරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, ආදිවාසීගම්මානවල පාසල් පුස්තකාල සඳහා  පොත් ප්‍රදානය හා පවුල් 350ක් සඳහා පෝෂණාධාර ලබාදීම ආදිවාසී දිනට සමගාමීව සිදු කෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින්, ආදිවාසීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටි අතර, ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්තිකර්මය ආදී ඔවුන්ට ආවේණික සංස්කෘතික අංගවලින් මෙම අවස්ථාව වර්ණවත් විය.ලෝක ආදිවාසී දිනය අගෝස්තු 09වැනි දාට යෙදී තිබිණි.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.