Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27දා) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කෙරේ.

ඒ එදින උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන 06.00ට ගමන් ඇරඹීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනනය කළේ ඉන්දියාවෙනි. එහි මැදිරි සංඛ්‍යාව හයකි. එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ.

පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි. දුම්රිය නවත්වන්නේ ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල වේ. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත වීමත් විශේෂත්වයකි. 

මෙම සමාරම්භක චාරිකාවට සමගාමීව යාපනය දිස්ත්‍රික් පාසල් ළමුන් සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළුව පාසල් උපකරණ දකුණෙන් ගෙන යාමට අපේක්ෂා කරයි. එම සමාජ සත්කාරය සඳහා එක්වීමට අපේක්ෂා කරන්නන් පාසල් උපකරණ ලබන සෙනසුරාදා (26) දහවල් 12ට පෙර මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට හෝ නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ භාර දෙන ලෙසට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඉල්ලා සිටි.  

මරදාන විජයවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 0718426868 යන දුරකථන අංකයෙන් රේණුකා විමසීමෙන්ද නාරාහේන්පිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පාසල් උපකරණ භාර දෙන්නේ නම් 0771056062 යන දුරකථන අංකයෙන් ඉන්දික විමසීමෙන්ද වැඩිදුරට තොරතුරු ලබා ගත හැකිය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.