උපාධිධාරීන් 16800 කට පත්වීම්
- 2019-07-30 09:26:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පත්වීම් ලබා දීමේ වැඩ සටහන යටතේ සරසවි උපාධිධාරීන් 16,800 සඳහා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව පළමු අදියර යටතේ උපාධිධාරීන් 3,800ක් සඳහා පත්වීම් ලබා දීම අරලියගහ මන්දිරයේ දී හෙට (30) අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරේ.
මෙහිදී කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියළු උපාධිධාරීන්ටද, කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් 200 දෙනකුටද සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි සෙසු දිස්ත්‍රික්ක 22 න් එක් දිස්ත්‍රික්කයෙන් 40 දෙනකු බැගින් උපාධිධාරීන් 880 දෙනකුට සහ බාහිර උපාධිධාරීන් 880 කට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.
සෙසු තෝරාගත් සියළුම උපාධිධාරීන් ජූලි 31 සහ අගෝස්තු 01 සහ 02 දිනයන්හි අදාළ සියළු පත්වීම් ලබා දෙන ලෙස හා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් මෙම පත්වීම් ලබා දීම සිදුකෙරේ. (මනෝජ් හර්ෂික)
Reply To:
Name - Reply Comment
0 Comments