Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂයධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුවෙකුට අවස්ථාව සලසා තිබීමයි.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට නවීන වැඩලෝකයට ගැළපෙන වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමන් කැමති විෂයයන් 3ක් තෝරාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ළමා මනෝවිද්‍යාව, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, පශුසම්පත් නිෂ්පාදන තාක්ෂණය,ආහාර නිෂ්පාදන සැලසුම් තාක්ෂණය,  ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ පිරිසැකසුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොණික, සංචරණය හා

ආගන්තුක සත්කාරය, පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් ඒ අනුව මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් කර තිබේ.

මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට පළමු වර්ෂය පාසල තුළ තෝරාගත් විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ න්‍යායාත්මක පුහුණුවක් ලබාගැනීමටත් දෙවැනි වර්ෂයේ දී ඒ අතරින් තමා වඩාත් කැමති විෂය තෝරාගනිමින් රැකියාභිමුඛ පුහුණුවක් ලබාගැනීමටත් අවස්ථාව සැලසෙයි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, වැවිලි භෝග කළමනාකරණ ආයතනය, ක්‍රීඩා අධ්‍යයන ආයතනය ඇතුළු රජයේ පුහුණු ආයතන රැසක් මේ වනවිට වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත ආයතනික පුහුණුව ලබාදීමට පියවර ගෙන සිටියි.

 

සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට දෙමළ මාධ්‍යයෙන් වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම කෙරෙන පාසල් සංඛ්‍යාව 106කි.

2017 වසරේ දී නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් 42ක් තෝරාගනිමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේ දී තවත් පාසල් 154ක් ද, 2019 වසර වනවිට පාසල් 114ක් ද සම්බන්ධ කරගනිමින් මේ වනවිට පාසල් 310ක ක්‍රියාවට නැංවෙයි.

මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන  සිසුන්ට වසර දෙකක පුහුණු කාලසීමාව අවසානයේ දී ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටම (NVQ Level 4)  ලබාදෙන අතර, ඉන් අනතුරුව උපාධි මට්ටම තෙක් වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබාගැනීමට ද, දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට ද ඉඩප්‍රස්ථා සැලසෙයි. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමට ද පාසල්වල සුහුරු පන්තිකාමර ද ඇතුළත්ව ඉඩ පහසුකම් ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.