උසස්පෙළට විශේෂ ආරක්ෂාවක්
- 2019-08-05 10:46:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස්පෙළ විභාගයට අයත් ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථානවලට හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලටම පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව විභාග මධ්‍යස්ථානවලට පොලිස් ජංගම රථ, පා මුර සංචාර මගින් පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තහනම් බවත්, එවැනි කටයුතු සිදුකළහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කියා සිටියේය.
උසස්පෙළ විභාගයට අදාළව ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 625ක් තිබෙන බවත්, මෙහිදී එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් තිදෙනෙකු බැගින් විභාගය අවසන් වනතුරු යොදවන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments