උසස්පෙළ අගෝස්තු 5දා - ශිෂ්‍යත්වය අගෝස්තු 4දා
- 2019-07-19 10:30:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිට අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.
උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටියි. ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වේ.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.
ඒ අනුව, සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments