උසස්පෙළට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය
- 2019-06-25 15:56:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉතා ඉක්මනින් පාසල් පද්ධතියට ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments