Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (29දා) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් විය.

ඒ අනුව එම ප්‍රතිඵල  www.doenets.lk වෙබි අඩවියෙන් ලබාගැනිමට හැකියාව තිබේ. උසස් පෙළ නැවත සමීක්ෂණ කිරිම සඳහා ලබන ජනවාරි 16 වනදාට පෙර අයදුම් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව  එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ  පළමු , දෙවැනි, තෙවැනි ස්ථාන   මෙසේ දක්වා තිබිණි.

කලා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස්  සිසුවිය හිමිකරගත් අතර , දෙවැනි  ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියද, තෙවැනි ස්ථානය  මහනුවරමහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි  පිටිගල සිසුවිය හිමිකරගත්තාය.

ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න  සිසුවා හිමිකරගෙන ඇති අතර ,දෙවැනි ස්ථානය  කොළඹආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන්  සිසුවාත් , තෙවැනි ස්ථානය  නිකවැරටියමහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන්  සිසුවා හිමිකරගෙන තිබේ. 
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කඹුරුපිටියනාරන්දෙණිය විද්‍යාලයේ සඳුනි  පියුමාෂා  කොඩිප්පිලි  සිසුවිය හිමිකරගත් අතර,දෙවැනි ස්ථානය කල්මුණේ  සමන්තුරෙයි විද්‍යාලයේ රිෂා මොහොමඩ්  හිමිකරගත්තේය. තෙවැනි ස්ථානය  හිමි කරගෙන ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු  දිලෙන්ක ලක්මාල්  සිසුවා විසිනි. 

ජීව විද්‍යා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුද්‍රා රාජපක්ෂ  සිසුවිය හිමි කරගෙන ඇති අතර ,  දෙවැනි ස්ථානය කොළඹ  ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ සිසුවා හිමිකරගෙන තිබේ.තෙවැනි ස්ථානය  මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් සිසුවා හිමිකරගෙන  ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය  හිමි කරගෙන ඇති අතර ,  දෙවැනි ස්ථානය  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ  සිසුවා ද  තෙවැනි  ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවා හිමිකරගෙන තිබේ.
වාණිජ විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය  කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න  සිසුවා හිමිකරගෙන ඇති අතර  දෙවැනි ස්ථානය  ගම්පහරත්නාවලි බාලිකා විද්‍යාලයේ  උවිනි අයත්මා රණවීර සිදුවිය හිමිකරගත්තාය. තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ  කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න සිසුවියටයි.

සැබැඳි පුවත්-----------

 

  • “උසස් පෙළ කාලසටහනේ වෙනසක්” is locked

උසස් පෙළ කාලසටහනේ වෙනසක්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.