.
යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කොමනාදන් කන්දසාමී, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස විශ්‍රාමික මේජර් ජනාරාල් හේරත් මුදියන්සේලාගේ උදය බණ්ඩාර හේරත් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත කුමාර් තිරුණාවුකරසු යන මහත්වරුන් නිසි බලධාරීන් ලෙස පත්කර තිබේ.