Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උ.පෙළ අද සිට

  • 2019-08-05 10:25:33
  • 0 Comments

උසස් පෙළ විභාගය අද (05දා) සිට 31 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන දෙදහස් හයසිය හැත්තෑ අටකදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Smart අත් ඔරලෝසු, ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ විභාග ශාලා තුළට රැගෙන ඒම තහනම් බවත්, විභාග වංචාවක් සිදුකළ හොත් එම අයදුම්කරුට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාග වසර පහකට අත්හිටුවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මීට අමතරව විභාග වංචාවක් සිදුකළහොත් එම අපේක්ෂකයාගේ මෙවර විභාගයේ ප්‍රතිඵල අතිහිටුවන බවත්, විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අවසර නොලත් කිසිදු පුද්ගලයෙකුට එහි ඇතුළුවීම තහනම් බවත් හෙතෙම පවසා සිටියේය.

විභාගය උදෑසන 8.30ට ආරම්භ වන අතර, උදෑසන 8.00 පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවත්, සිය අනන්‍යතාව තහවුරු කිරීම පිණිස විභාග ප්‍ර‘වේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන පිහිටි පාසල්වල විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී ක්‍රීඩා උත්සව, රැස්වීම් පැවැත්වීම, පන්ති පැවැත්වීම හෝ ඉදිකිරීම් කටයුතු තහනම් බවත්, විභාගයට සම්බන්ධ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් 1911 හෝ 0112784208, 0112784537 හෝ 0113188350 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඉල්ලා සිටී.

ලැබෙන සෑම පැමිණිල්ලක්ම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් යොදවා තිබෙන බවත්, මීට අමතරව විභාග අධීක්ෂණ කටයුතු සඳහා කණ්ඩායම් යොදවා  තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ තිස්හත් දහස් හත්සිය හතරක් පෙනී සිටීමට නියමිත අතර, මෙම පිරිසෙන් හැත්තෑ හතරදහස් හත්සිය අසූ නවයක් පෞද්ගලික අයදුම්කරුවන්ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.