එක්සත් අරාබි එමීරයේ ගුවන් ගමන් බලපත්‍රය බලවත් වෙයි
- 2018-12-06 21:00:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් අරාබි එමීරයේ ගුවන් ගමන් බලපත්‍රය 2018 වසරේ ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍රය ලෙස නම් කෙරී ඇතැයි වාර්තා වෙයි. ලොව රාජ්‍යයන්හි පවතින ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් පවතින දර්ශකය වන පාස්පෝර්ඩ් ඉන්ඩෙක්ස් මගින් මෙම නම් කිරීම සිදු කර ඇත. මෙහිදී මූලිකවම ලොව රාජ්‍යයන් 167ක් සඳහා වීසා පහසුකම නොමැතිව පිවිසීමේ අවස්ථාව හිමිවී මේ නම් කිරීම සඳහා හේතුව වී ඇත. ඒ අනුව වීසා නිදහස් රාජ්‍යයන් 113ක් සහ රටට පිවිසීමෙන් පසුව වීසා ලබා ගැනීමේ අවස්ථාව පවතින රාජ්‍යයන් 54ක් එම රාජ්‍යයන් අතරට ඇතුළත්ව තිබේ.
2016 වසරේ දර්ශකයට අනුව එක්සත් අරාබි එමීරයේ ගුවන් ගමන් බලපත්‍රය සඳහා වීසා නිදහස හිමි වූයේ රාජ්‍යයන් 122 කින් පමණකි. එවර ඔවුන් එහි 27 වැනි ස්ථානයේ පසුව. එහෙත් 2017 වසරේදී එම රාජ්‍යයන් සංඛ්‍යාව 132ක් බවට පත් කරගනිමින් ස්ථාන නවයක් ඉදිරියට පැමිණීමට සමත්විය. පසුගිය ඔක්තෝබර් මාසය වන විට ඔවුන් පසුවුයේ සිව්වැනි ස්ථානයේය. 2018 වසර සඳහා වන මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිංගප්පූරුවට සහ ජර්මනියට හිමිව ඇත. එහිදී එම වීසා නොමැතිව එම ගුවන් ගමන් බලපත්‍රය සඳහා පිවිසිය හැකි රාජ්‍යයන් සංඛ්‍යාව 166 ක් ලෙස නම් වී තිබේ. රාජ්‍යයන් 165ක් සඳහා වීසා නිදහස් පහසුකම ලබා දෙමින් රාජ්‍යයන් 11ක් තෙවැනි ස්ථානයට පත්ව ඇත. ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, ලක්ෂම්බර්ග්, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, නෝර්වේ, දකුණු කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය එම රාජ්‍යයන් වෙයි. මෙම ලැයිස්තුවේ 15 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා පිළිවෙලින් බෙල්ජියම, ඔස්ට්‍රියාව, ජපානය, ග්‍රීසිය, පෘතුගාලය සහ ස්විස්ටර්ලන්තය තේරීපත්ව ඇත. ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 45 වැනි ස්ථානයයි. අසල්වැසි ඉන්දියාව එහි 65 වැනි ස්ථානවට පත්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments