Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් (26දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය. පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. සතර මහා දේවාලවල හ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සදහා මුල්‍යාධාර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි. ''පූජනීය දළදා සංස්කෘතිය'' 13 වන කලාපය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ශ්‍රී දළදා මාළිගාවේ පුලතිසි රාජා ඇත් පැටවා වෙත පළතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප-ජනපති මාධ්‍ය ඒකකය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.