ඕනෑම දුරකථනයක් භාවිතයෙන් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව
- 2020-05-29 17:19:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසු දරුවන් 45ක් දක්වා වූ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් ඉගැන්වීමේ කටයුතු කිරීමට පාසල් ගුරුභවතුන්ට අවස්ථාව ලැබේ.
මෙම වැඩසටහනට අදාළ පරිගණක මෘදුකාංග ඩයලොග් ආසියාටා සමාගම විසින් සපයා තිබේ. ආරම්භක අදියරේ දී දිවයිනේ පළාත් නවයෙන් තෝරා ගත් පාසල් 100ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ (28) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ හා ඩයලොග් සමාගමේ නිලධාරීන්ගේ එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments