කටුනායක - කෝචින් ගුවන් ගමන් යළි අරඹයි
- 2019-08-12 14:09:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණය වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළිත් කෝචින් වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ අනුව තාවකාලිකව නවතා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (12දා) උදෑසන කොචින් බලා පිටත්ව ගියේය.
උදෑසන 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර , ඒ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වන ගුවන් යානය එදිනම උදෑසන 10.15 ට කොචින් ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතය .
ඉන්පසු එම ගුවන් යානය එදිනම සවස 4.10 ට කොචින් ගුවන් තොටුපළෙන් පිටත් වී සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments