කසළ ප්‍රවාහනයට කුරුම්බැට්ටියා පාපැදි
- 2020-03-02 10:27:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කසළ ප්‍රවාහනයේ පවතින ගැටලු සඳහා විසඳුමක් වශයෙන් සඳහා බක්කිය සහිත 'කුරුම්බැට්ටියා' බහුකාර්ය පාපැදි 10ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජන ගණත්වය ඉහළයාම සහ වර්තමාන පරිභෝජන රටාව හේතුවෙන් පරිසරයට බැහැර කරන කසළ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත.
කසළ එක්රැස් කිරීම සඳහා කම්පැක්ටර් රථ හෝ ට්‍රැක්ටර් රථවලට පහසුවෙන් ළගාවිය නොහැකි අතුරු මාර්ගයන්හි කැළිකසල එක්රැස් කිරීම දැනට අත්ට්‍රැක්ටර් මගින් සිදුකරනු ලබයි.
දේශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප්‍ර‘වේශවිය හැකි පරිසර හානි අවම, කිලෝග්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යාහැකි බක්කිය සහිත 'කුරුම්බැට්ටියා' නම් පාපැදියක් නිෂ්පාදනය කර තිබේ.
මෙම පාපැදි 10ක් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතන කීපයක් වෙත ලබාදී එහි සාර්ථකත්වය මත අනෙකුත් පළාත් පාලන ආයතන වෙතද මෙවැනි පාපැදි ලබාදීමට යෝජනා වී ඇත.
ඒ අනුව එම බහුකාර්ය පාපැදි 10ක් එකක් රුපියල් 180,000.00 බැගින් රුපියල් මිලියන 1.8ක මුදලකට මිලදී ගෙන ආගමික ස්ථාන හා පෞරාණික ස්මාරක පිහිටා ඇති පළාත් පාලන ආයතන වෙත ලබාදීම පිණිස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments