කළුගඟ ජලාශයේ සංචිත දිය දහර මුදාහැරෙයි
- 2019-11-07 15:52:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ සංචිත දිය දහර සුබ මුහුර්තියෙන් මුදාහැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ සිදු කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල, පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබේ.
මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුනත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේලි ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.
කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීම කරනු ලබයි.
ඒ සදහා කිලෝ මීටර් 9ක් වූ ඇළ මාර්ගයක් ඉදිකර තිබෙන අතර, මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයි. මෙම උමගේ පළල අඩි 25 ක් වන අතර, ඇළේ පළල අඩි 25 කි. මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.
කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මඟින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වේ.
මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප‍්‍රදේශයෙන් ගලා ගිය ජල ප‍්‍රමාණය වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වනසේ කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීම සිදු වේ.
Reply To:
Name - Reply Comment
0 Comments