කාලගුණයෙන් රතු නිවේදන - ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් සීරුවෙන්
- 2019-09-24 10:11:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1.49pm - update
ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, කලුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් නායයාමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසීය.
ගාල්ල කඩවත් සතර, අක්මිමණ, බද්දේගම, ඇල්පිටිය, ඉමදුව, නාගොඩ, නෙළුව, නියාගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රදේශ එසේ නම්කර ඇති බවද බන්දුල මහතා කීය. වඳුරඹ කිඹිකන්දේ කොකාවල පස් කන්දක් කඩා වැටී කාන්තාවක මියගිය නිවස නායයාමේ අවදානමක් තිබු නිවසක් බවද, එය 2017 නොවැම්බර් 17වන දින ඉවත් කරනලද එකක් බවත් එම නිවැසියන්ට වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදී මුදල්ද ලබාදී ඇති බවත් ඒ අනුව ඔවුන් නිවස ඉදිකරගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.
දකුණු පළාතේ එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පවුල් 1475කට අයත් පුද්ගලයන් 5539ක් බලපෑමකට ලක්ව තිබේ. එසේම පූර්ණ නිවාස හානි 12ක් හා අර්ධ නිවාස හානි 152ක් වාර්තා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) අලුයම නිකුත් කළ රතු නිවේදනයකින් සඳහන් කළේ බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි. එසේම වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට හැද හැලෙන අධික වැසි හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇත. කොළඹ ආමර් වීදියේ බාබර් හංදිය, බ්ලුමැන්ඩල් ජෝර්ජ් ආර් සිල්වා හංදිය, ජේතවනය පාර සහ බේස්ලයින් මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්වයක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාව ඇතිවුවහොත් පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසීය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
එසේම අවශ්‍ය උපකරණ ඒ ඒ ස්ථාන කරා යොමු කර ඇති බවත් ආපදා තත්ත්වය පිළිබදව නිරංතරයෙන් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
එසේම ඇතිවිය හැති ආපදා පිළිබදව යම් විමසීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි දුරකථන අංක 117 අමතන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments