කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
- 2019-09-02 13:53:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන කාලෝ ෆෝන්සේකා මහතා මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ විද්වතෙකි.
කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි.
වෛද්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. ගත් කතුවරයෙකු, ගේය පද රචකයකු, දක්ෂ කථිකයෙකු මෙන්ම ප‍්‍රකට විද්වතෙකු වන ෆොන්සේකා මහතා මිය යනවිට 86 වන වියේ පසු විය.1933 මාර්තු 4 දින උපත ලැබූ කාලෝ ෆොන්සේකා මහතා මීගමුව මාරිස්ටලා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනයත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයත් ලැබීය.
ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසි ඒ මහතා එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කර ගත්තේය. ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් දහස් ගණනකට ශිල්ප ලබා දුන් ඒ මහතා 2012 වර්ශයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයට පත්විය. එතැන් සිට 2017 වසර දක්වා ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය හෙඹවීය. වාමාංශික දේශපාලනයේ නැයැළුණුු ෆොන්සේකා මහතා ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකරුවෙකි.
වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම සාහිත්‍ය කලාවේද උන්නතිය වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් කීර්තියට සහ ඇගයීමට පත් විද්වතෙකි. ‘රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ’, ‘රුදුරු තුරු වදුලේ’, ‘රෝස කුසුමක් පිපී’ යන ගීත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ගීත වලින් කිහිපයකි. වෛද්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලිපි සහ කෘති ලියා ඇති ඒ මහතා සමාජය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කර ඇත.මත්ද්‍රව්‍ය සහ දුම්වැටි විරෝධී සටනේ ප‍්‍රමුඛයකු වූ ඒ මහතා ප‍්‍රමුඛ පෙළේ සමාජ ක‍්‍රියාකාරිකයෙකි. කාලෝ ෆොන්සේකා මහතා, සුරංග ෆොන්සේකා සහ ඉදුනිල් ෆොන්සේකා යන දූ දරුවන්ගේ පියාද විය.
Reply To:
Name - Reply Comment
0 Comments