කැලණියේ තාක්ෂණ පීඨයේ ගැටළු වලට විසඳුම්

2025 මැයි මස 05 ප.ව. 12:23 - {{hitsCtrl.values.hits}}  

කැලණිය විශ්ව විද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ ගැටළුවලට විසඳුම් ලබා දී තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි. පීඨයේ පවතින ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා උපකුලපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර එහි නිර්දේශ සලකා බලා විසඳුම් ලබාදුන් බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව පරිගණක හා තාක්ෂණ පිඨයේ සිසුන්ට නැවත විභාගවලට මුහුණදීමට අවස්ථාව තිබෙන බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය කියයි. පරිගණක හා තාක්ෂණ පීඨයේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉකුත් දා සිසුහු විරෝධතා මාලාවක් දියත් කළහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...