කියවීමට දක්ෂ දරුවන්ට විදෙස් සංචාර

2025 මැයි මස 14 ප.ව. 05:27 - {{hitsCtrl.values.hits}}  

කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි.

ඊයේ (07දා) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...