කියවීම වර්ධනයට ආනයනික පොත් බදු වලින් නිදහස් කළා

2025 මැයි මස 16 ප.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

ළමයින් තුළ කියවීම සඳහා පෙළඹවීම් ඇතිකිරීමට 2017 අයවැය යෝජනා මගින් ආනයනය කරනු ලබන පොත්පත් සියලු බදු වලින් නිදහස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනතාව අතර  ජාත්‍යන්තර පොත්පත් පරිශීලනය දිරිමත් කිරීමට මෙය හේතුවක් වෙන බවද අමාත්‍යවරයා සඳහන කළේය.ජාතික කියවීම් මාසය නිමිති කරගෙන ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඊයෙ (14දා)  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Akila-Viraj-Kariyawasam

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...