Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ සිසුන් සියලු දෙනාටම එම මණ්ඩප භූමිය අද (10දා) සිට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත.

නවක සිසුන්ට අමානුෂික නවක වදය ලබා දීමේ චෝදනාව හේතුවෙන් මෙසේ ඔවුන්ට මණ්ඩපයට පැමිණීම තහනම් කර තිබේ.

කිලිනොච්චිය මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සිදු කොට එවා ජංගම දුරකතන ඔස්සේ පටිගත කොට ජ්‍යේෂ්ඨ සිසුන්ට ලැබීමට සලස්සවන ලෙසට බලපෑම් කොට අමානුෂිකව නවකවදය ලබා දීම හේතුවෙන් අදළෙ සිදුවීම් පිළිබඳව අරඹා ඇති පරික්ෂණ කටයුතු අවසන් වන තුරුම මෙම තහනම පනවා ඇත.‍

මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පරිපාලන අංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කොට ඇති අතර නවක වදය ලබා දුන් සිසුන් පිරිසක් මේ වන විටත් හඳුනාගෙනද තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.