කුමන හේතුවක්මත හෝ විභාග වංචා සිදුකරන්න එපා -විභාග දෙපාර්තමේන්තුව

2025 මැයි මස 08 පෙ.ව. 04:35 - {{hitsCtrl.values.hits}}  

කුමන හේතුවක්මත හෝවිභාග වංචාවක් සිදු නොකරන ලෙසත්, එවැනි දෙයක් සිදු කළොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික අයදුම්කරුවෙකු වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු විභාගයට පෙනී සිටීම හේතුවෙන් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචා සිදු කරන පිරිස් පිළිබඳ සොයා බැලීමට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායම් 25ක් දිවයින පුරා රාජකාරිවල යොදවා සිටින බවද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව අධ්‍යාපන කලාප කාර්යාලවලින් හා කොට්ඨාස කාර්යාලවලින් විමර්ශන කණ්ඩායම යොදවා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

විභාග වංචාවක් හෝ මෙවර විභාගයට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදු වන්නේ නම්, 1911, 011-2784208, 011-2784537, 011-3188350 යන දුරකථන අංකවලින් විභාග දෙපාර්තමේන්තුවට හෝ 119 හා 011-2421111 යන දුරකථන අංකවලින් පොලීසියට දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.

මේ වනවිට ආරම්භවී ඇති සාමාන්‍ය පෙළ විභාගය නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...