Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසලෙන් සීනු හඞ නැංවෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ නිරෝගිභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සංඥාවක් ලබාදෙමින් බවත්, මෙය පාසල් දරුවන්ට පමණක් නොව සියලු රටවැසියන්ට අලුත් පණිවුඩයක් රැගෙන එන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පාසල් නැවත ආරම්භ කිරීමේ පළමු අදියර යටතේ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන හා පාසල් කළමනාකරණ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් තම පාසල් පරිශ්‍රයන් තුළ අදාළ සුවිශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන  ආකාරය සොයාබැලීම  පිණිස කොළඹ දිස්ත්‍රික්කය අවට පිහිටි පාසල් කිහිපයක අද (29) දින සිදුකළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

මාලඹේ පිරිමි විද්‍යාලය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය සහ නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය ඒ අනුව, අද දින අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් හා ඊට අදාළ ව තමන්ගේ පාසලට අනන්‍ය වූ වැඩසටහන්, ඉගෙනුම් ක්‍රමවේද සම්පාදනය කරගනිමින් කොවිඩ් අභියෝගය හමුවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ   වන රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉතා මැනවින් අවබෝධ කරගනිමින් කටයුතු කරන අයුරු මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු ආකාරය, ලෙඩරෝගවලින් ආරක්ෂාවෙමින් ජීවිතය පවත්වාගත යුතු ආකාරය ඉදිරියේ දී වඩා  ගැඹුරින් සිසු දරුවන් වෙත අවබෝධ කරවිය යුතු බවත්, මේ සඳහා දරුවන්ගේ පෙළ පොතට සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ කරුණු වැඩිදුරටත් ඇතුළත් කරවිය යුතු බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

පාසල් පරිශ්‍රයන්හි පවිත්‍රතාව. වි‍ෂබීජහරණය, දෑත් සේදීමේ හා ගිලන් කාමර පිලියෙල කිරීමේ කටයුතු සූදානම් කිරීම, පාසල් ක්‍රියාත්මක කිරීමේ නව සැලැස්‍ම  අනුව දීර්ඝ කර ඇති පාසල් කාලයට ගැළපෙන අයුරින් කාලසටහන් සකස් කිරීම, ඇතුළු ක්‍රියාමාර්ග සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අද සිට ජූලි මස 5 වැනි දා තෙක් සතියක කාලය වෙන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාසල් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හා දරුවන් පාසල් වෙත කැදවීමෙන් පසු ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් පාසලට අනන්‍ය වන ප්‍රායෝගික සැලැස්මක් පවත්වා ගත යුතු බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශයන්හි සහයෝගය ද ලබාගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පදනම් කරගනිමින් සකස් කරන ලද,  මේ වනවිටත් පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය සහ චක්‍රලේඛ උපදෙස් ද පිළිපදිමින් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටි අතර, ජුලි මස 06 වනදායින් ආරම්භ වන පාසල් කාලය සෞඛ්‍ය සම්පන්නව හා ප්‍රීතිමත්ව ගතකිරීමට සියලු ශ්‍රී ලාංකීය දරුවන්ට හා ගුරුභවතුන්ට හැකිවේවා! යි අමාත්‍යවරයා සුබාශිංසන පළ කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.