Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතාගේ අඟුණුකොළපැලැස්ස, යකාගල පිහිටි කුඹුරේ වී අස්වනු නෙළීම පසුගියදා සිදු කෙරුණු අතර, කාබනික පොහොර යොදා වගා කරන AT 362 නමැති වී වර්ගයෙන් අක්කරයකට වී බුසල් 160ක් ලබාගැනීමට එහිදී හැකිව තිබේ.

සාමාන්‍යයෙන් රසායනික පොහොර යෙදූ කුඹුරක අස්වැන්න අක්කරයකට වී බුසල් 140-150ත් වන අතර, කාබනික පොහොර යොදාලබාගත් මෙම අස්වැන්න පිළිබඳ සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සෙමා ආයතනයේ නිලධාරීන් විසින් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් තමන් කෘතඥතාව පළ කරන බවයි. 

ගොවීන් අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කිරීම හේතුවෙන් මිනිස් ජීවිතවල පැවැත්ම කෙරෙහි මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,

&සෑම කෙනෙකුටම කාබනික වගාවට දායකත්වය ලබා දිය නොහැකි වුවත්, අධික ලෙස රසායනික පොහොර හා කෘමිනාශක ඉවක් බවක් නැතිව යෙදීම මගින් මේ වනවිට අපේ රටේ පස නිසරුවීමේ අවදානමකට රට මුහුණපා තිබෙනවා.දැනට ශ්‍රී ලංකාවේ කාබනික වී වගාකරුවන් 5000ක් සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදු කළ පාංශු පරීක්ෂා කිරීම්වලදී පැහැදිලිවම හෙළිදරව් වී තිබෙන්නේ අප රටේ බොහෝ ප්‍රදේශවල පසෙහි අවශ්‍ය තරම් පොස්පරස් හා පොටෑසියම් පවතින බවයි. එමනිසා අමුතුවෙන් වැඩිපුර රසායනික පොහොර යෙදීමෙන් පළක් නැහැ. අවශ්‍ය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ අනුව කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදීමයි* යනුවෙන්ද පැවසීය.

සෙමා ආයතනයේ මැදිහත් වීමෙන් කාබනික වගාව යටතේ වී වගා කරන ලද වලව කලාපයේ කුඹුරුවල වී අස්වනු නෙළීමදපසුගිය ඉරිදා (26දා) සිට ආරම්භ විය. 

නිදර්ශනී වික්‍රමසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.