Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කාර්මික අධ්‍යාපනය හා පුහුණුව කිරිමේ දෙපාර්තමේන්තුව විසින් හසලක කාර්මික විද්‍යාලයේදි කෘෂි නිෂ්පාදන තාක්ෂණික ඩිප්ලෝමාව පාඨමාලාව ආරම්භ කිරිම 2018 සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව 9.00ට  කෙරෙන බව විද්‍යා,තාක්ෂණ,පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

මෙම පාඨමාලාව දඔුල්ල හා කුලියාපිටිය කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වන අතර එය තවදුරටත් පුළුල් කිරිම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය සරත් අමුණුගම මහතා,
"නිපුණි" රැකියා බැංකුව ආරම්භ කිරිම මඟින් ඊට යහපත් ප්‍රතිචාර ලැබි තිබෙන බවත්, ලංකාවේ කෘෂිකර්මය තිබුණ ද ඊට නිසි තාක්ෂණික දැනුම නොමැති නිසා විශාල ගැටලු රැසක් මතුවි ඇති බව කීය. මෙම පාඨමාලාව NVQ 1 සිට NVQ 7 දක්වා මට්ටමින් පවත් වන බවත් ඒ හරහා  කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍ර උපාධි මට්ටම තෙක් වුව ද ගමන් කිරිමට හැකියාව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

උදාහරණයක් ලෙසින් ලංකාවේ නිෂ්පාදනය කරන පළතුරු සහ එළවළු අතිරික්තය නිසි ලෙස කළමණාකරණයක් සිදු නොවිම හේතුවෙන් ඒවා අපතේ යෑම සිදු වන බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා,ඊට පිළියමක් ලෙස පසු අස්වනු තාක්ෂණය වැඩි දියුණු කළ යුතු බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණික විද්‍යාල වලින් 30,000කට අධික තරුණ පිරිසකට රැකියා අවස්ථා ලබා දිමට අවස්ථාව සැලසෙනවා.ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් අංශයේ ලක්ෂයකට අධික රැකියා අවස්ථා තිබෙනවා.රටට තව කාර්මික අංශයක් අවශ්‍යයි.ඉදිකිරිම්,ඓඨ්,සංචාරක කර්මාන්තය, සෞඛ්‍යහා සේවාවන් සැපයුම්,මෝටර් කාර්මික තාක්ෂණය ආදිය අංශ අපි හඳුනාගෙන තිබෙනවා.ලබන වසරේ ජනවාරි 01 වන දින දකුණු ආසියාවේ විශාලතම මෝටර් කාර්මික ආයතනය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

මාධ්‍ය සාකච්ඡාව සඳහා විද්‍යා,තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා විජය බණ්ඩාර,කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරිමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී.එන්.කේ. මලලසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් එක්විය.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.