කොමෝඩෝ අභ්‍යාසයට සාගර නෞකාව පිටත් වෙයි
- 2018-04-25 15:54:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ ‘2018 අන්තර්ජාතික නෞකා පිරික්සුම’ට සහභාගගි වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව ඊයේ (24දා) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත් විය.
නෞකාවේ සමස්ත කාර්යය මණ්ඩලය 192 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 20 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 04 දෙනෙකුද ඇතුළත් වේ.
මෙම බහුපාර්ශ්වික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සහ ‘2018 අන්තර්ජාතික නෞකා පිරික්සුම’ මැයි මස 04 වන දින සිට 09 වන දින දක්වා ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතේදී සිදුකෙරේ. රටවල් 43ක නාවික හමුදාවන් එක්ව මෙම අභ්‍යාසය සිදුකිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments