Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ ශිඝ්‍රයෙන්  පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වනවිට පුද්ගලයින් 80 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුව  ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව,  ඇමෙරිකාව,  ප්‍රංශය,  සිංගප්පුරුව,  හොංකොං,  ජපානය,  තායිලන්තය,  දකුණුකොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වි  ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වි  ඇතැයි සැක කරන දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇත.  මේ නිසා චීනයේ ශිඝ්‍රයෙන් පැතිර යමින් පවතින මාරාන්තික නව කොරෝනා වෛරසය  පිළිබඳ මෙරට ජනතාව ද දැඩි අවධානයකින් පසු විය යුතු වේ.

මාරාන්තික නව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එසේම නව කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් නිව්මෝනියාව, හුස්ම ගැනීමේ අපහසුව සහ වකුගඩු අක්‍රියවීම  වැනි රෝග  වර්ධනය වී ආසාදිත පුද්ගලයින් ජීවිතක්ෂයට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා විශ්ෂයෙන් ඉහත සඳහන් කර ඇති රෝගී තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු වේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගැනීම සදහා ආසාදිත පුද්ගලයින් ඇසුරු කිරීමෙන් අනතරුව, ආහාර සැකසීමේ දී, වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර, සුරතල් සතුන් හෝ සත්ව මළපහ ඇල්ලීමෙන් පසු  හෝ දෑත් අපිරිසිදු යැයි ඔබට හැගී යන සෑම අවස්ථාවකම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම, කැස්ස ඇති විට සහ කිවිසුම් යාමේ දී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීමටත් ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිට ඇතුළ පැත්ත භාවිත කිරීම හෝ අතේ ඉහළ බාහු කොටස භාවිතා කිරීමත් එමෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කිරීමට කටයුතු කළ යුතුය. ඔබට කැස්ස ඇතිවිට හෝ කිවිසුමක් යාමේ දී එය වළක්වා ගැනීමට අත්ල භාවිතා නොකිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය උපදෙස් වල සදහන් වේ.

නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සදහා උණ සහ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළදුනු පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් ඇසුරු කිරීමට සිදු වන්නේ නම් ඇස්, නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති උපදෙස් වල සඳහන් වේ.

එමෙන්ම ආහාර සඳහා පිළියෙල  කර ගන්නා මාංශ  සහ බිත්තර හොඳින්  පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම, සත්ව ගොවිපොළවල හෝ ඒ ආශ්‍රිත රැකියා කටයුතු සිදු කිරීමේ දී මුඛ ආවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් ලබා දි ඇත.

ඔබ සත්ව ගොවිපොළක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැකියාවක නිරත වන්නේ නම් ඉහත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීමට ක්‍රියා කළ යුතු වේ. එසේම රාජකාරි කටයුතු වලින් අනතුරුව සෑම අසවස්ථාවක දීම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම හෝ ශරීරය පිරිසිදු කර ගැනීම කටයුතු  කිරීම කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සඳහා ඉතා වැදගත් වේ.

නව කොරෝනා වෛරස් අවදානමෙන් මිදීම සදහා ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.