කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් උපදෙස් මාලාවක්
- 2020-03-13 20:43:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඞ් 19 (කොරෝනා ) රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ වේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
* කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.
* නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගැනීම.
* භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.
* තැන තැන කෙළ නොගැසීම.
* සබන් යොදා නිතර දෑත් සේදීම.
* ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම.
* එවන් ස්ථානවලදී කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම.
* නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම.
* සංචාරවලින් වැළකී සිටීම.
* ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම.
* සිප වැළඳගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම.
* උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම.
* එවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම.
Reply To:
Name - Reply Comment
0 Comments