කොරෝනා නිව්මෝනියාව නිසා මරණ 811
- 2020-02-09 09:35:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන නිව්මෝනියාව නිසා ඊයේ (08දා) දිනයේදී චීනයෙන් මරණ 89ක් වාර්තා වී තිබේ. එයින මරණ 81ක්ම වෛරසය ආරම්භ වූ බව කියන හුබෙයි පළාතෙන් වාර්තා වී තිබේ.
සෙනසුරාදා දිනයේදී තහවුරු වූ වූ නව රෝගීන් සංඛ්‍යාව 2656ක් බවට වාර්තා වී තිබේ. එසේම එදින වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 3916ක් වෙයි.
සෙනසුරාදා දිනයේදී රෝගීන් 87ක් බරපතල තත්ත්වයට පත්ව ඇති අතර 600 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සෙනසුරාදා අවසන් වන විට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 37198ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 811ක් දක්වා වාර්තා වී තිබේ.
කොමිෂන් සභාව පැවසුවේ සමීප සම්බන්ධතා 371,905 ක් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 31,124 දෙනෙකු සෙනසුරාදා වෛද්‍ය නිරීක්ෂණවලින් නිදහස් කර ඇති බවයි. තවත් 188,183 දෙනෙකු තවමත් වෛද්‍ය නිරීක්ෂණයේ යෙදී සිටින බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments