Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනය ඇතුලූ ලෝකය කැළැඹීමකට ලක්කළ මාරන්තික කොරෝනා වෛරසය ඖෂධ කීපයක් යොදාගෙන මිනිස් සෛලවලට ඇතුලූවීම වැළැක්විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආචාර්ය කනිෂ්ක සෙනතිලක සහ මහාචාර්ය කමනි තෙන්නකොන් යන මහත්ම මහත්මීන්ගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදු කෙරිණි.

ජෛව තොරතුරු තාක්‍ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදා ගෙන සිදුකළ පර්යේෂණයට අනුව දැනට සායනික තත්ත්ව යටතේ භාවිතට ගැනෙන ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියමන ආයතනයේ අනුමැතිය ලත් ඖෂධ කීපයක් ආධාරයෙන් වෛරසය නිවාරණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂණ කණ්ඩායමට සොයා ගැනීම හැකිවිය.

ඒ පිළිබඳව අප සිදුකළ විමසීමකදී ආචාර්ය සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘ඉදිරි දින කීපය ඇතුළතදී අප සිදුකළ මෙම නව සොයාගැනීම පිළිබඳව විද්‍යාත්මක ප‍්‍රජාව වෙත මුදාහැරීමට සූදානමින් සිටිනවා. එමෙන්ම චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ කැමැත්ත ඇත්නම් කොරෝනා රෝගීන්ට සෘජුවම එම ඖෂධය ලබාදී සායනික තත්ත්ව සොයා බලා තහවුරු කරගැනීමටත් අප සූදානමින් සිටිනවා. ලෝකය පුරා ව්‍යාප්තව සිටින විද්‍යාඥයන් කොරෝනා රෝගය වැළැක්වීමට මෙන්ම ආසාදිතයන් සුවපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලමින් ඉන්නවා. ඒ අතරතුර ශ්‍රී ලංකාවට ඒ සඳහා පෙරයිම් ඖෂධ සොයැගැනීමට හැකියාව ලැබීම පිළිබඳව අප සතුටට පත්වෙනවා.’’

 ආචාර්ය සමීර ආර්.සමරකෝන්          මහාචාර්ය කමනි තෙන්නකෝන්            ආචාර්ය කණිෂ්ක සෙනතිලක 

     

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.