කොරෝනා වසංගතය ජයගත හැකි බව චීනය පවසයි
- 2020-01-30 11:32:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය ඇතුළු කොරෝනා වෛරසය පැතිර ඇති පළාත් තුළ වසංගත තත්ත්වය පාලනය සඳහා චීන මධ්‍යම රජය විසින් වසංගත පිටුදැකීමේ ප්‍රබල හා පුළුල් ජාලයක් ක්‍රියත්මක කර ඇති බැවින් මෙම වසංගත තත්ත්වය ජයගත හැකි බවට චීනය දැඩිව විශ්වාසය පළ කරයි.
එබැවින් වසන්ත උළෙලෙන් පසු චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණීම ගැන මෙරට ජනතාවට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව අවධාරණය කරන චීනය, පහත හේතූන්ද ඒ සඳහා ගෙනහැර දක්වයි.
ප්‍රධාන වශයෙන් වුහාන් වෙත පිටවීමට සහ ඇතුළු වීමට ඇති මාර්ග තාවකාලිකව වසා දමා ඇති බැවින් එම ජනතාවට වෙනත් ප්‍රදේශ හෝ ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීමට අවස්ථාවක් නොමැත.
හුබෙයි පළාතේ සිටින ශ්‍රී ලංකාවේ සේවය කරන චීන සමාගම්වල සේවකයන්ට යළි ශ්‍රී ලංකාව බලා සිදුකරන සංචාරයන් තාවකාලිකව නවත්වන ලෙසත්, වෙනත් පළාත්වලින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සේවකයන් අවම වශයෙන් දින 14ක නිරෝධායන කාලයක් ගත කරන ලෙසත් චීන තානාපති කාර්යාලය විසින් දැනටමත් එරට ජනතාව දැනුවත් කර ඇත.
එමෙන්ම චීන ජාතිකයන් කණ්ඩායම් වශයෙන් සිදුකරන සියලුම සංචාර චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇති අතර, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවධානයෙන් පසුවන චීන රජය සැක සහිත උණ රෝගීන් පිළිබඳ වාර්තා කර ඔවුන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමටත්, කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් සංචාරයෙන් වැළකී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන ලෙස ඉල්ලා සිටීමටත් කටයුතු කර තිබේ.
මීට අමතරව, ආසාධිත යැයි සැක කෙරෙන පුද්ගලයන් වෙනත් රටවලට යෑම වැළැක්වීම සඳහා චීනයේ සියලු ගුවන් තොටුපොළ සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල දැඩි පරීක්ෂණ සහ උණ රෝගී තත්ත්ව හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, එවැනි සැකකටයුතු පුද්ගලයන් විදෙස්ගත නොකරන බවද චීන බලධාරීන් පවසයි.
චීන තානාපති කාර්යාලය උණ රෝගීන් සහ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනටමත් ලබාදී ඇති අතර, වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් වෙත චීන තානාපති කාර්යාලය කඩිනම් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ, ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසය.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments