කොරෝනා ව්‍යාප්ත වීම වළක්වන්න සහය වන්න - රජයෙන් විශේෂ ඉල්ලීමක්
- 2020-03-11 13:56:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. ඔහු 52 හැවිරිදි ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි.
එම ශ්‍රී ලාංකියා ඇතුළු සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කර ඇත.
එහෙයින් කොරෝනා අවදානම නැති නැති කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පූරණ සහය ලබා දෙන්නැයි විදේශගතව පැමිණෙන පිරිසගෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments