කොරෝනා වෛරසයෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට උපදෙස්
- 2020-01-29 16:26:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණය වශයෙන් උණ, කැස්ස, සහ උගුරේ වේදනාව දැක්විය හැකි අතර, හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ද මෙහි දී සිදුවිය හැකි බවත් උග්‍ර ආසාදිතයන් සුළු ප්‍රතිශතයකට නිව්මෝනියා වැනි සංකූලතා තත්වයන් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම රෝගයෙන් වැළකීමට පහත උපදෙස් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
ආසාදිතයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. තීව්‍ර ශ්වසන රෝගයකින් පෙළෙන රෝගීන් සමඟ සමීප ඇසුරෙන් හැකිතාක් වළකින ලෙසත්, එවැනි රෝගියෙකු සමඟ සමීපව කටයුතු කළ අවස්ථාවකදී දැත් හොඳින් පිරිසිදු කරගත යුතු බවත්, වන සතුන්, මියගිය හෝ ආසාදිත සත්වයින් ඇල්ලීමෙන් වළකින ලෙසත්, උණ, කැස්ස, උගුරේ වේදනාව ඇත්නම් මුහුණු ආවරණයක් පැළඳිය යුතු අතර ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු බවත් එම උපදෙස් මගින් අවධාරණය කරයි.
එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු වීමසීමක් අවශ්‍ය නම් පාසලට ආසන්නයේ ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112784872/0112784163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගනිමින් දැනුවත් වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments