කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 361ක් දක්වා ඉහළට
- 2020-02-03 14:18:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉරිදා දිනයේදී මරණ 57ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 56 ක් හුබෙයි පළාතෙන්ද අනෙක් මරණය චොංකිං වලින්ද වාර්තා වෙයි.
ඉරිදා දිනයේදී කොරෝනා වෛරසය යැයි සැක සහිත පුද්ගලයින් 5,173 ක් වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂම පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් 147 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබුණි.
රෝගීන් 2,296 ක් බරපතල තත්ත්වයේ පසුවන අතර පුද්ගලයින් 21,558 කට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.
මේ දක්වා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 475ක් වෙයි.
රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 189,583 ක් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 10,055 දෙනෙකු ඉරිදා වෛද්‍ය නිරීක්ෂණවලින් අනතුරුව නිදහස් කර තිබේ.
තවත් 152,700 ක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments