Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටවල් 110 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (11) නිල වශයෙන් නිවේදනය කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 4,300 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර 119,711 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ඒ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් එහි බරපතළකමත් වයිරසය මර්දනය කිරීමටත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොමැතිවීමත් යන කරුණු හේතුවෙන් කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව හෙතෙම එහි ද පැවැසීය.

‘‘කෝවිඩ්-19 ගෝලීය වසංගතයක්’’ යැයි ද හෙතෙම කීය.

ඉදිරි දින හා සති කිහිපයේදී කොරෝනා මරණ හා ආසාදිතයන් ගණන ඉහළ යා හැකි යැයි ද ඔහු කීවේය.

‘‘කොරෝනා වයිරසයක් හේතුවෙන් වසංගත තත්ත්වයක් ඇතිවෙනවා අපි මීට කලින් දැකලා නැහැ’’ යැයි ඔහු කීය.

අඩු සම්පත් මධ්‍යයේ වුවද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට ඉරානය ඔවුන්ගේ උපරිමය කර ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති එම මාධ්‍ය හමුවේදී පැවැසීය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගුවන් මගින් බීජිං නුවරට පැමිණෙන සියලු දෙනා විශේෂයෙන්ම ජාත්‍යන්තර මඟීන් සති දෙකක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු යැයි චීන බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ. යුරෝපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඉතාලියෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත.

ජර්මනියේ සමස්ත ජනගහනයෙන් සියයට 60ත් 70ත් අතර පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ ප්‍රකාශ කළාය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් 1,000කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.

ඒ.එෆ්.පී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.