Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

"උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථාව කරා ළඟා වෙනු ඇති. ඉන් පසුව විශාල පරිමාණයේ වැඩිවීමක් සිදු නොවනු ඇති" ෂොං පැවසීය.

කොරොනා වෛරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ජාතික විශේෂඥ කණ්ඩායමක ප්‍රධානියා ෂොන්ග් වන අතර ඔහු චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥයෙකි.

"වසංගතය මැඩපැවැත්වීම සඳහා මාර්ග දෙකක් තිබෙනවා. එකක් කල්තියා හඳුනා ගැනීම සහ අනෙක හුදෙකලා වීමයි. ඒවා වඩාත් ප්‍රාථමික හා ඵලදායී ක්‍රමයන් වෙනවා. ඔහු පැවසීය.

“දින දහයේ සිට 14 දක්වා කාලය හුදකලා කිරීම හා නිරීක්ෂණය කිරීම සඳහා හොඳ කාල පරිච්ඡේදයක්. පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය අවසන් වූ විට, අසනීප වූවන්ට කාලෝචිත ප්‍රතිකාර ලබා ගත හැකියි.  නමුත් පරීක්ෂණ සහ හඳුනාගැනීමේ පියවර අඛණ්ඩව සිදුවිය යුතුය," ෂොං පැවසීය.

රෝහල්වල බෝවන රෝග විශේෂඥයින් යින් පමණක් නොව, රෝගීන් වඩා හොඳින් බේරා ගැනීම සඳහා දරුණු අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයින් ද සිටිය යුතු බව ඔහු යෝජනා කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.