කොවිඩ් ලක්ෂණ පෙන්වන සුනඛයෙක් PCR පරීක්ෂණයකට
- 2020-04-25 12:28:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ පදිංචි දැනට කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රථිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයෙකු කැස්ස ඇතුළු සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ගම වටා ඇවිදිමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ සුදුවැල්ල ප‍්‍රදේශයේ එක් නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.
එසේම නිවැසියන් සියලු දෙනා නාවුක හමුදාවේ ඔලුවිල් නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කළ බවත් මේ තතත්වය නිසා එම නිවෙසේ ඇති දැඩි කළ සුනඛයා මෙසේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තැනින් තැන ගමන් කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
මේපිලිබදව දැනටමත් වැලිසර පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය නිලධාරි දමිමි සුභවික‍්‍රම මහත්මිය දැනුවත් කොට ඇති අතර වහාම සුනඛයා පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරිමට කටයුතු කිරීමට නියමිතය.
තිස්ස කොටින්කඩුව
Reply To:
Name - Reply Comment
0 Comments