කොළඹ පාසල් 15කට නිවාඩු
- 2020-01-31 15:02:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති පරිදි 2020 පෙබරවාරි 04 වැනි දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු 2020-02-03 වැනි දින උදෑසන සිට සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා ඇති පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඩී එස් සේනානායක විද්‍යාලය - කොළඹ, රාජකීය විද්‍යාලය - කොළඹ, තර්ස්ටන් විද්‍යාලය - කොළඹ, යශෝධරා විද්‍යාලය - කොළඹ, මියුසියස් විද්‍යාලය - කොළඹ, සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය - කොළඹ, Lady’s College – Colombo, Colombo International School – Colombo, Wycherley International School – Colombo මෙසේ නිවාඩු දී ඇති පාසල් වෙයි.
මෙන් ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය(කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව)ජනවාරි 30 ප.ව. 2.00 සිට පෙබරවාරි 4 සවස 5 දක්වා ද, කොළඹ 12 - මිහිදු මහා විද්‍යාලය, කොළඹ 10 - අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10-අශෝක විද්‍යාලය වෙත2020 පෙබරවාරි 03 පෙරවරු 9.00 සිට පෙබරවාරි 04 වැනි දා රාත්‍රිය වන තෙක් ද නිවාඩු ලබාදීමට කටයුතු යොදා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments